කතාව
ඇත්තටම මේක මම පළ කරන පළමුවෙනිම සබ් එක. ඒ හින්දා හෙන අඩුපාඩු ගොඩාක් ඇති කියල මම හිතනව.
හෙන ගේමක් දීල සබ් එක කොහොම හරි ඔන්න දුන්න. පළවෙනි පාර හින්ද එච්චර එක්ස්පීරියන්ස් එකකුත් නෑනෙ….:පී. ඇත්තටම මම හිතනවා සබ් එක හොදට ඇති කියලා. මේ ෆිල්ම් එකේ කතා වැඩී. ඒ හින්ද, බෝරිං නැති වෙන විදිහට සබ් එක දෙන්න ට්‍රයි කළා. දැන් චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ.
මම මේක ගැන විචාර දෙන්න නම් දන්නෙ නෑ. හිතෙන විදිහට කියන්නම්, මේක ජර්මන් චිත්‍රපටියක්. ඇත්තටම කිව්වොත් පොඩි එවුන් සෙට් එකක් ආශ්‍රෙයන් තමයි චිත්‍රපටිය හදල තියෙන්නෙ. තනිකරම හිනා යන චිත්‍රපටියක්. IMDB එකේ 7.4 ක රෑන්ක් එකකුත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා. නිකොලස් කියල පොඩි ළමයෙකුයි, එයාගෙ යාළුවො ටිකකුයි දෙන ආතල් ටිකක් එක්ක තමයි චිත්‍රපටිය යන්නෙ. දවසක් නිකොලොස්ගේ යාළුවෙක්ට මල්ලි කෙනෙක් හම්බෙනවා (ඒ කියන්නෙ එයාගෙ අම්මට බබෙක් හම්බෙනවා). ඉතින් මෙයාට මේක හෙනම හෙන ප්‍රශ්නයක්. මෙයා හිතන්නෙ, දැන් මෙයාට තියෙන සැලකිලි සේරම අඩුවෙනවා කියලා.
- මම හිටියෙ තද නින්දක.
- එකපාරටම තාත්ත මාව ඇහැරුව.
- මෙන්න එයා එකපාරටම කියාපි මට මල්ලි කෙනෙක් හම්බෙලා කියල!
- එයා මාව අම්ම ගාවට එක්ක ගියා. අම්මට එහා පැත්තෙන්, මගෙ පොඩි මල්ලි හිටියා.
- එයා බෙරිහන් දෙනවා, ඒ වුණාට මං පොඩ්ඩක් හරි කෑගැහුවොත් මට කෑගහන්න එපා කියනවා. මම තොටිල්ල ගාවට ගියොත්, එයලා මට කෑගහනවා.
මෙයා මේ කතාව නිකොලොස් ඇතුළු එයාගෙ ඉස්කෝලෙ යාළුවො සෙට් එකට කියනවා. ටික දවසකට පස්සෙ නිකොලොස්ගෙ අම්මටත්, මල්ලියෙක් හම්බෙන්න යන වග එහෙම දැනෙන්න පටන් ගන්නවා. එතකොට මෙයාටත් දැන් තියෙන සැලකිලි ටික ඔක්කොම අඩු වෙයිද?
නිකොලොස් බය වෙනවා. අලුත් ළමයෙක් හම්බවුණාම, දෙව්පියො තමන්ව කැලේක අතරමං කරල යයි කියල කියන කතාවකට නිකොලොස් හොදටෝම බය වෙනවා. ඒ හින්ද නිකොලොස් එයාගෙ දෙමවුපියො සතුටු කරන්න නොකරන දෙයක් නෑ. යාළුවොත් එක්ක එකතු වෙලා මාර ගේම් දෙන්නෙ. ඇත්තටම මැරෙන්නම හිනා යන ආතල් තමයි මේ සෙට් එක එකතු වෙලා කරන්නෙ. ආයෙ ආයෙ බලන්න හිතෙනවා. ඔයා හිතන්නෙ නිකොලොස්ගෙ අම්මට මල්ලි කෙනෙක් හම්බෙයි කියලද? හම්බුනොත් එයාව කැලේක අර වගේ අතරමං කරයි ද?
මේක දැනගන්න චිත්‍රපටිය බලලම ඉන්නකෝ…
තොරතුරු
නිකුත් කළ දිනය : 2009 සැප්තැම්බර් 30 (ප්‍රංශයේදී)
අධ්‍යක්ෂණය : Laurent Tirard
තිර රචනය : Laurent Tirard, Grégoire Vigneron
IMDb වර්ගීකරණය : Comady, Family
ප්‍රධාන චරිත : Maxime Godart (Nicholas), Valérie Lemercier (Mother),
0 disqus:
Post a Comment