Latest News

[නවතම උපසිරැසි][slider2][recent][5]

Thursday, May 15, 2014

The Grudge 2 (2006) Sinhala Subtitle | ශාපලත් නිවස. [සිංහල උපසිරැසි සමඟ]




  කතෲ සටහන -:

හොල්මන් චිත්‍රපටියක් බලමු ද? හොඳයි එහෙනම් ඔන්න මං ගෙනාව මගේ පස්වැනි උපසිරැසි නිර්මාණයට 2006 වසරේදි නිකුත් වුණු පට්ට පදිරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි Grudge 2. චිත්‍රපටියේ නම බලද්දි ඔයාලට හිතෙනව ඇති මේක Series එකක් කියලා. ඔව් දැනට මේකේ කොටස් තුනක්ම තියෙනවා (ඒ ටිකත් ළඟදීම යෂ්ට්‍රික්ස් අඩවියෙන් දෙන්න බලාපොරොත්තු වෙන ගමන්...) මේකෙ පළවෙනි කොටස බලපු කට්ටියත් ඇති. ඒගොල්ලන්ට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දෙවෙනි කොටස යන්නෙ ඇත්තටම කිව්වොත් පළවෙනි කොටසත් එක්ක එකතුවෙලා. එහෙම වුණා කියලා මේකෙ පළවෙනි කොටස බලන්නම ඕනෙ නෑ. දෙවෙනි කොටස හොඳටම ඇති තේරුම් ගන්න. චිත්රිපටිය අධ්යනක්ෂණය කරල තියෙන්නෙ Takashi Shimizu ; ඒ වගේම මේකට ලැබිල තියෙන IMDb අගය 4.9 ක්. වැඩිය කතා කරන්න ඉස්සර වෙලා අපි චිත්‍රපටිය ගැන චුට්ටක් දැනගෙන ඉමු නේද?

අපි Grudge චිත්‍රපටියේ පළවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නෙ ජපානෙ තෝකියෝ වල තියෙන පැරණි ගෙදරකින්. මේ ගෙදර මීට ටික දවසකට කලින් භයානක මිනීමැරුමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ගැහැනියකුයි, දරුවෙකුයි සාහසික ලෙස ඝාතනය වීම. ඒ මිනීමැරීම සිද්ධ කරන්නෙ දරුවගෙ තාත්තා, ඒ කියන්නෙ අර ගැහැනියගෙ සැමියා. ගැහැනියගෙ බෙල්ල මිරිකලා කඩා දමලා, පොලිතින් කවරෙක ඔතලා ඒ ගෙදරම තියෙන අටුවක් අස්සෙ මේ සැමිය හංගනවා. දරුවව මරන්නෙ නාන තටාකෙ ගිල්ලවලා. මෙතනදි හොල්මන් කරන්න පටන් ගන්නෙ මේ කියන ගැහැනිය. ඇයට සිද්ධ වුණු අසාධාරණය නිසා, ඇය හැමෝගෙන්ම ඒකට පළි ගන්නවා. ඒ පළි ගැනීම සිද්ධ කරන්නෙ, මේ ගෙදරට යන එන හැමෝවම ඉතා බිහිසුණු ලෙස මරා දාලා. මරණ විදිහ හිතාගන්නවත් බෑ. මිනිස්සු කියන්නෙ මේ ගෙදරට යන හැමෝටම සාපයක් වදිනව කියලා. මේකට දරුණු ලෙසම බිලි වෙන්නෙ, කැරන් (Sarah Michelle Gellar) කියන ගැහැනිය. ඇය පස්සෙන් අර මැරුණු ගැහැනියගෙ ආත්මය එන්න පටන් ගන්නවා. පළවෙනි කොටස අන්තිමේදි, කැරන් මේ සිද්ධිය දැනගෙන, ගෙදර ගිනි තියන්න පටන් ගන්නවා. ඒත් ඒක ඉවර වෙන පාටක් නෑ.

දැන් තමයි Grudge 2 චිත්‍රපටියෙ දෙවෙනි කොටසට යන්නෙ, මෙතනදි මේ සිද්ධියට එකතු වෙනවා කැරන්ගෙ සහෝදරිය වන ඕබ්‍රි (Amber Tamblyn). ඇයත් මේ සිද්ධිය ගැන හොයා බලන්න පටන් ගන්නවා. චිත්‍රපටිය පටන් ගන්නෙ කිසිම තේරුමක් නැතිව. ඒත්, ඔයාලට අවසානය වෙද්දි, මේ හැම එකක්ම තේරුම් ගන්න පුළුවන්. මෙතනදි, කතා ගොඩක් අපිට බලාගන්න පුළුවන්. ඒත්, ඒවා පටන් ගන්නෙ එකම තැනකින්. ඇත්තටම කවුද මේ මැරුණු ගැහැනිය? ඇය මේකට සම්බන්ධ වෙන හැම කෙනෙක්වම මරන්නෙ තමන්ගෙ පලිය පිරිමහ ගන්නමද? මොකද්ද මේක ඇතුළෙ සැඟවිලා තියෙන රහස?
ඉතුරුටික බලන එක ඔයාට බාරයි. 

හැබැයි මම එකක් කියන්නම්, මේක රෑට නම් බලන්න එපා, අර ගැහැනියගෙ මූණ දැක්කහම නම් ඕන්නෑ.. J J


නිකුත් කළ දිනය 2006 ඔක්තෝම්බර් 13 (ඇමරිකාවේදී)
අධ්‍යක්ෂණය Takashi Shimizu
රචකයෝ Stephen Susco, Takashi Shimizu
IMDb වර්ගීකරණය Horror, Thriller
ප්‍රධාණ චරිත Amber Tamblyn(Aubrey), Edison Chen (Eason), Arielle Kebbel (Allison)
මෙහි ඇති සියළුම සබැඳියන් දක්වා ඇත්තේ  IMDb ප්‍රධාන වෙබ් අඩවියටය.
__________________________________________________________



Watch YouTube Trialer Video.Visit Wikipeadia page. Evil Dead
(2013) on IMDb
මෙහි ඇති සියළුම වීඩියෝ පිටපත් ටොරන්ට් සොෆ්ට්වෙයා එකක් භාවිතා කර බාගත යුතු අතර ඒ සඳහා අවැසි සියලුම උපදෙස් ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.




මෙම උපසිරැසි නිර්මාණය කරන ලද්දේ  "යස්මික සෞභාග්‍යය"
 සොහොයුරා වන අතර ඔහුට අප සැමගේ ස්තූතිය පළ කර සිටිමු. 
මෙම උපසිරැසි වල සම්පූර්ණ අයිතිය ඔහු සතු වන
අතර, කරුණාකර මෙහි කතෲ හිමිකම සුරකින්න ෴ ෴

Next
This is the most recent post.
Older Post
  • Blogger Comments
  • Facebook Comments

0 disqus:

Post a Comment

Item Reviewed: The Grudge 2 (2006) Sinhala Subtitle | ශාපලත් නිවස. [සිංහල උපසිරැසි සමඟ] 9 out of 10 based on 10 ratings. 9 user reviews.
Scroll to Top