කතෲ සටහන -:
කොහොමද කස්ටියට? ඔන්න ඉක්මනින්ම මම තවත් පට්ට පදිරි චිත්‍රපටියකට උපසිරැසියක් උස්සගෙන ආවා. මේක මගේ හයවැනි උපසිරැසි නිර්මාණය. මේක විද්‍යා ප්‍රබන්ධ කතා බලන්න කැමති ඔයාලටමයි ගෙනාවෙ. කෙටියෙන්ම කිව්වොත් චිත්රපටියෙ වෙන්නෙ පෘථිවිය පිටසක්වල ජීවීන් විසින් ආක්‍රමණය කිරීමක් ගැන. චිත්‍රපටිය නිකුත් කරල තියෙන්නෙ 2011 දෙසැම්බර් 23 වෙනිදා ඇමරිකාවෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Gorak. ප්‍රධාන නළු නිළියන් ගත්තොත්, Emile Hirsch ශෝන් ලෙසත්, Olivia Thirlby නැටලි ලෙසත්, Max Minghella බෙන් ලෙසත් රඟපෑමෙන් දායකත්වය ලබා දීල තියෙනවා. චිත්‍රපටිය ලබාගෙන තියෙන අගය 4.9ක්. හරි, අපි මුලින්ම චිත්‍රපටියේ සිද්ධිය මොකද්ද කියල බලල ඉමු.
මේ බෙන් සහ ශෝන් කියන්නෙ හොඳම යාළුවො දෙන්නෙක්. එයාල ඇමරිකාවෙ ඉඳන් රුසියාවෙ මොස්කව් දක්වා එනවා වැදගත් වැඩකට. ඒ වැදගත් වැඩේ තමයි, මෙයාල හදල තියෙනවා වෙබ් සයිට් එකක්. ඒ වෙබ් සයිට් එක ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම පහසුවෙන් තමන් ඉන්නා තැන හොයා ගන්න පුළුවන් විදිහේ එකක් කිව්වොත් හරි. අපි කෙටියෙන් මැප් එකක් කියල කියමුකෝ. ඉතින් මේක විකුණගන්න තමයි රුසියාව බලා එන්නෙ. නමුත් මේ වැඩේ හරියන්නෙ නෑ. යාළුවො දෙන්න බොහොම කලකිරෙනවා. ඔය අතරෙදි තමයි මෙයාල දෙන්නට ක්ලබ් එකකදි නැටලි සහ ඈන් කියන කෙල්ලො දෙන්ව හම්බෙන්නෙ. එයාලත් ඇමරිකානුවො. මෙහෙම ඉන්නකොට, හිතාගන්නවත් බැරි විදිහට පිටසක්වල ආක්‍රමණයක් සිද්ධ වෙනවා. මේ පිටසක්වලයො අමුතු ගණයේ පිටසක්වලයින් ජාතියක්. ඔවුන්ගෙ මුලු ඇඟම සමන්විත වෙලා තියෙන්නෙ විද්‍යුත් ශක්ති පදාර්ථයකින්. ඔවුන්ගෙ ඇඟේ ගෑවුණොත් අළුවත් ඉතිරිවෙන්නැති තරම්..!
ඉතාම අමානුෂික විදිහට එක රැයින් මුළු පෘථිවියම අළු ගොඩක් බවට පත්වෙනවා. ඒත්, වාසනාවකට වගේ මේ යාළුවො හතර දෙනාට බේරෙන්න පුළුවන් වෙනවා. නමුත් කොයිවෙලේ පිටසක්වලයින්ට අහුවෙයිද කියන්න බෑ. මේ පිටසක්වලයින් පෘථිවිය ආක්‍රමණය කළේ මොකක්හරි ලොකු හේතුවකට. නමුත් ඒ මොකද්ද? බේරිලා ඉන්නෙ මේ හතරදෙනා විතරමද? ඉස්සරහට මොනව සිද්ධ වෙයිද? ඒකට නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. මොකද එන්න එන්නම රසවත් හින්දා…
අපි තවත් උපසිරැසියකින් හමුවෙමු එහෙනම්…
නිකුත් කළ දිනය | 2011 දෙසැම්බර් 25 (ඇමරිකාවේදී) |
අධ්‍යක්ෂණය | Chris Goak |
රචකයෝ | Jon Spaihts, Leslie Bheom |
IMDb වර්ගීකරණය | Action, Horror, Sci-Fi |
ප්‍රධාණ චරිත | Emile Hirsch (Shean), Olivia Thirlby (Natalie), Max Minghella (Ben) |
__________________________________________________________
මෙහි ඇති සියළුම වීඩියෝ පිටපත් ටොරන්ට් සොෆ්ට්වෙයා එකක් භාවිතා කර බාගත යුතු අතර ඒ සඳහා අවැසි සියලුම උපදෙස් ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
මෙම උපසිරැසි නිර්මාණය කරන ලද්දේ "යස්මික සෞභාග්‍යය"
සොහොයුරා වන අතර ඔහුට අප සැමගේ ස්තූතිය පළ කර සිටිමු.
මෙම උපසිරැසි වල සම්පූර්ණ අයිතිය ඔහු සතු වන
අතර, කරුණාකර මෙහි කතෲ හිමිකම සුරකින්න ෴ ෴
සොහොයුරා වන අතර ඔහුට අප සැමගේ ස්තූතිය පළ කර සිටිමු.
මෙම උපසිරැසි වල සම්පූර්ණ අයිතිය ඔහු සතු වන
අතර, කරුණාකර මෙහි කතෲ හිමිකම සුරකින්න ෴ ෴
0 disqus:
Post a Comment